2027 අයවැයේ දෙවන වර කියවීම ඡන්ද 97ක බහුතරයකින් සම්මත වේ

0
3

2027 අයවැයේ දෙවන වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී ඡන්ද 97ක බහුතරයකින් සම්මත විය.

මෙහිදී මන්ත්‍රීවරුන් 157 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, මන්ත්‍රීවරුන් 60 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ නැත.

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 අයවැය නොවැම්බර් 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

දින හතක් පුරා පැවති අයවැය දෙවන වර කියවීම පිළිබඳ විවාදය නොවැම්බර් 13 වන දින ආරම්භ වූ අතර අද දිනයේදී අවසන් විය.

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) ආරම්භ වීමට නියමිත අතර, එය දින 19ක් පුරා එනම් දෙසැම්බර් 14 වන දින දක්වා පැවැත්වෙනු ඇත.

2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වන දින ප.ව. 6:00 ට පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here