වසර 90කට වැඩි ඉතිහාසයක් ඇති නුවරඑළිය පාපන්දු සංගමය යටතේ බිහිවූ පළමු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයා බවට පත්වීමට ටී.එෆ්. සූඩීන් මහතා සමත්ව තිබේ.
ඩුබායිහිදී 2026 නොවැම්බර් 05 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා ඔහු මෙලෙස එක්ව සිටින අතර, එය නුවරඑළිය පාපන්දු ක්ෂේත්රයට හිමි වූ සුවිශේෂී ජාත්‍යන්තර පිළිගැනීමකි.
ආසියානු පාපන්දු සම්මේලනයේ විනිසුරු ඇකඩමියක වසර හතරක් පුරා පුහුණුව ලබමින් සිය වෘත්තීය දැනුම, තාක්ෂණික අවබෝධය සහ ජාත්‍යන්තර තරග විනිශ්චය කිරීමේ හැකියාවන් ඔප්නංවා ගත් සූඩීන් මහතාට මෙම අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමර් සහ විනිසුරු අධ්යක්ෂ සම්පත් නාකන්දල යන මහත්වරුන් මැදිහත්ව කටයුතු කර ඇත.

