නකල්ස් ප්‍රදේශයේ සිදුවීමට මුහුණ දුන් දැරියට අගෝස්තු මස පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය මනෝ සමාජීය උපදේශන සහාය ලබා දීමට පියවර ගෙන තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ උපදෙස් පරිදි ජාතික ළමාරක්ෂක අධිකාරිය හරහා මෙම සහාය ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව, අදාළ දැරියගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වන තුරු හෝ ඇයගේ රුචිකත්වය මත උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය පුහුණුවකට යොමුවන තෙක් අවශ්‍ය දීමනාව සැපයීමට නියමිතය.
මීට අමතරව, බිළිඳියගේ පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ද ‘අර්ථ’ දීමනාවක් ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

