අන්තර් ආගමික නායකයින් විසින් අගරදගුරු කාර්දිනල් හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සුබ පැතුම් පිරිණැමුනි!

0
3

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ සම සභාපති, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රන්ජිත් හිමිපාණන්ගේ 79 වැනි ජන්ම දිනය (නොවැම්බර් 15) නිමිත්තෙන් සර්වආගමික නායකයෝ පිරිසක් උන්වහන්සේගේ නිල නිවස වෙත ගොස් සුබපැතුම් එක් කළහ.

ශ්‍රී අත්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමියන් සහ ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම සභාපති, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි පූජකතුමන් ඇතුළු ආගමික නායකයින් කොළඹ අගරදගුරු නිල නිවස වෙත පැමිණ මෙලෙස කාර්දිනල් හිමිපාණන් වෙත සිය උපන්දින සුබපැතුම් පිරිනැමූහ.

මෙම හමුව අතරතුර, රට තුළ ජාතීන් අතර සමඟිය මෙන්ම ආගමික සහජීවනය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවකටද සර්වආගමික නායකයෝ එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here