සරම්ප රෝගය ව්‍යාප්ත වීම නිසා කොළඹ ප්‍රධාන බන්ධනාගාරවල රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම අත්හිටුවයි

0
12

කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාර තුළ සරම්ප රෝගය පැතිර යාමේ අවදානමක් මතුවීම හේතුවෙන්, එම බන්ධනාගාරවල රැඳවියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීම තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අදාළ අධිකරණ වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි. ඒ අනුව, අද (09) දින මෙම බන්ධනාගාරවලින් කිසිදු රැඳවියෙකු අධිකරණය වෙත රැගෙන ගොස් නැත.

පසුගිය දිනවල මෙම බන්ධනාගාරවල රැඳවියන් කිහිපදෙනෙකුගෙන්ම සරම්ප රෝගීන් වාර්තා වීමත් සමඟ, රෝගය තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතු විය. මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් විශේෂ එන්නත්කරණ වැඩසටහනක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here