සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධනයට නීතිපතිවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

0
13

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට නියමිත බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දන්වා සිටියේය.

අදාළ යෝජිත සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව සඳහන් කළ ඔහු, එම සංශෝධන ඇතුළත් ලේඛනයක්ද අධිකරණයට ගොනු කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ යම් යම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 26ක් විසින් මෙම පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදනවලට එරෙහිව මෙලෙස පෙත්සම් ඉදිරිපත් කර අභියෝගයට ලක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here