ලොව ජාත්‍යන්තර දත්ත හුවමාරුවෙන් 99%ක් පමණ මුහුදු පතුල හරහා එළා ඇති සන්නිවේදන කේබල් පද්ධති ඔස්සේ සිදුවන අතර, එවැනි එක් කේබල් පද්ධතියක් පවා විසන්ධි වීමෙන් දූපත් රාජ්‍යයන් සන්නිවේදනයෙන් හුදකලා වීමටත්, බැංකු පද්ධති අක්‍රිය වීමටත්, හමුදාමය සන්නිවේදන කටයුතු අඩපණ වීමටත් ඉඩ ඇති පසුබිමක තායිවානයට සහ පිලිපීනයට චීනයෙන් එල්ලවෙන බලපෑම් හමුවේ එම කලාපයේ මුහුදු පතුලේ ඇති ෆයිබර් කේබල් පද්ධතිවල ආරක්ෂාව පිළිබඳව කලාපීය නාවික හමුදාවන්ට මෙන්ම විදුලි සංදේශ සමාගම්වලට ද නැවත සිතා බැලීමට සිදුව තිබේ.
මෙවැනි විනාශකාරී ක්‍රියා සහ සමුද්‍රීය තර්ජනවලට මුහුණදීම සඳහා 2023 වසරේදී බටාන් වෙරළට ඔබ්බෙන් පිලිපීන වෙරළාරක්ෂක බලකාය සහ ජපානය එක්ව විශේෂ නාවික පෙරහුරුවක නිරත වූ අතර, චීන තර්ජනයෙන් ආරක්ෂා වීමට තායිවානය විසින් මුහුදු ඩ්‍රෝන යානා රැසක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති අතරම මෙම අවදානම පැසිෆික් කලාපයට පමණක් සීමා නොවී අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග මුහුදු පතුලේ කේබල් පද්ධති කෙරෙහි ද දැඩි ලෙස එල්ල වී ඇත.

