අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් සිය ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී (White House Chief of Staff) ලෙස කටයුතු කළ සුසී වයිල්ස් (Susie Wiles) එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා ස්ටීවන් මිලර් (Stephen Miller) පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෑතකදී පැවැති අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැඩි පසුබෑමෙන් අනතුරුව, ධවල මන්දිරයේ ඉහළ පෙළේ සිදුවූ පළමු ප්‍රධානතම තනතුරු සංශෝධනය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

