2026 ICC නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

0
6

2026 ICC නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරගාවලිය (ICC Women’s Emerging Nations Trophy 2026) සඳහා ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිවේදනය කර තිබේ.

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උප නායිකාව ලෙස කාවිෂා දිල්හාරි කටයුතු කරන අතර, සන්ජනා කාවින්දි, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යංගනා, සත්‍යා සන්දීපනී, රශ්මිකා සෙව්වන්දි, සුගන්ධිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, මල්කි මධාරා සහ චේතනා විමුක්ති යන ක්‍රීඩිකාවෝ සෙසු සංචිතයට ඇතුළත් වෙති.

මෙම සංචිතය එළැඹෙන නොවැම්බර් 10 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත පිටත්ව යෑමට නියමිත අතර, අදාළ තරගාවලිය නොවැම්බර් 12 වැනි දින සිට 25 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here