ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අභිබවා 6 වැනි ස්ථානයට පැමිණීමට ඇෆ්ගනිස්ථානය සමත් වෙයි

0
6

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යාමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වී ඇති අතර, ඒ අනුව ඔවුන් 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඇෆ්ගනිස්ථානය සිය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වන බව ICC පෙන්වා දෙයි.

මෙම නව සංශෝධනයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්ස්ථානයකින් පහළට යමින් 7 වැනි ස්ථානය දක්වා වැටී ඇති අතර, මෑත කාලීනව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ විශිෂ්ට සහ අඛණ්ඩ දස්කම් මෙම ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here