චීනයේ හමුදා බලවර්ධනය කලාපයට දැඩි පීඩනයක් – ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

0
6

චීනයේ හමුදා බලය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් ගිනිකොනදිග ආසියානු කලාපය තුළ දැඩි පීඩනකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පවසයි. පිලිපීනයේ සෙබු නගරයේ පැවති ආසියානු රාජ්‍යයන්ගේ සංගමයේ (ASEAN) ආරක්ෂක අමාත්‍යවරුන්ගේ ප්ලස් (ADMM-Plus) සමුළුවට චීනය සහභාගී වීම සම්බන්ධයෙන් මතභේද හටගෙන ඇති පසුබිමක ඔහු මෙම අදහස් දක්වා ඇති අතර, AFP පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදුවූ විශාලතම සම්ප්‍රදායික හමුදා බලවර්ධනය චීනය විසින් සිදු කරමින් සිටියද, ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳව එරටින් නිසි පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බව මාල්ස් පෙන්වා දෙයි. මෙම තත්ත්වය ඕස්ට්‍රේලියානු රජයටද අභියෝගයක් වී ඇති බැවින්, එකඟතාවෙන් කටයුතු කරන මිත්‍ර රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කර ගනිමින් ගෝලීය නීති පද්ධතිය අඛණ්ඩව සුරක්ෂිත කළ යුතු බව ඔහු අවධාරණය කළේය. මීට අමතරව, පසුගිය ජූලි මාසයේදී දකුණු පැසිෆික් කලාපයට චීනය න්‍යෂ්ටික හැකියාව සහිත බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස ඕස්ට්‍රේලියාව මීට පෙරද දැඩි ලෙස විවේචනය කර තිබුණි.

පිලිපීනයේ පැවති මෙම දෙදින සමුළුවේදී දකුණු චීන මුහුදේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සහ චීනයේ මැදිහත්වීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු විය. එහිදී අදහස් දැක්වූ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ, ගිනිකොනදිග ආසියාවේ මිත්‍ර රටවල් සහ හවුල්කරුවන් වෙනුවෙන් ඇමෙරිකාවේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවත්, සාගර කලාපයේ නාවික හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ප්‍රායෝගික පියවර ගන්නා බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here