දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි

0
9

උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටද හෙට (නොවැම්බර් 03) දින පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (02) දහවල් 2.00ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක්ද පවතී. මීට අමතරව, දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here