බුද්ධියේ සටන ජයගත් රාජකීයයෝ. බස්නාහිර පළාත් පාසල් චෙස් කිරුළ තමන් සතු කරගනි.

0
9

පසුගියදා (ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 වන දින) කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු 2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේදී අභිමානවත් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

බස්නාහිර පළාත නියෝජනය කරමින් නමගිය විදුහල් රැසක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වූ මෙම තරගාවලිය පුරාවටම අතිශය තියුණු තරගකාරීත්වයක් දක්නට ලැබිණි. එම සියලු අභියෝග හමුවේ නොසැලී ඉදිරියට පැමිණි රාජකීය ක්‍රීඩකයෝ, වයස අවුරුදු 10, 16 සහ 20 යන සියලුම වයස් කාණ්ඩවල ශූරතාවන් තමන් සතු කරගනිමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය තහවුරු කර ගත්හ.​

කොළඹ රාජකීය විද්‍යාලය මෙම තරගයේ චෙස් ශූරයන් බවට පත්වෙමින් ලබාගත් ජයග්‍රහණය, අනාගතයේදී ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහිවීමට මඟ පෙන්වන අනගි අවස්ථාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here