ඉන්දු-ශ්‍රී ලංකා බෞද්ධ උරුමය සැමරෙන “මෛත්‍රී සේතු” ව්‍යාපෘතියට මුල්ගල තැබේ

0
16

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සනාථන බෞද්ධ උරුමය සැමරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “මෛත්‍රී සේතු” ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම බියගම, ශ්‍රී බෝධිද්‍රෝමාරාම පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව නිවේදනය කර ඇති අතර, දෙරට අතර පවතින චිරාත් කාලීන සංස්කෘතික හා ආගමික සබඳතා එහිදී විශේෂයෙන් අවධාරණය කර ඇත.

මහකොමසාරිස්වරයා සඳහන් කරන පරිදි, මෙම ව්‍යාපෘතිය මගින් බෞද්ධ උරුමය උදෙසා අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය අගාරික ධර්මපාලතුමන් සහ ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් (Dr. B. R. Ambedkar) තුමන්ගේ අමරණීය මෙහෙවර ඇගයීමට ලක්කෙරේ.

මෙම මුල්ගල තැබීමේ උත්සවය සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී ජෝති වාග්මාරේ (Jyoti Waghmare) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සංස්කෘතික සබඳතා පිළිඹිබු කරමින්, දෙරට අතර පවතින ගැඹුරු බෞද්ධ උරුමය සැමරීමක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වාදිය හැකි බව මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here