රුසියාවේ සහ යුක්රේනයේ හදිසි අනතුරු ඇඟවීම් ලබාදෙන ජංගම දුරකථන යෙදවුම් (Apps) කිහිපයක් සයිබර් ප්‍රහාරවලට ලක්වීම හේතුවෙන්, දෙරටේම පරිශීලකයන් වෙත ව්‍යාජ අනතුරු ඇඟවීම් යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගැටලුව මුලින්ම යුක්රේනයෙන් වාර්තා වූ අතර, එහිදී කියෙව් අගනුවරට කෙටි කාලයක් සඳහා විකිරණ අවදානමක් පවතින බවට ව්‍යාජ අනතුරු ඇඟවීමක් නිකුත් විය. ඉන් පැය කිහිපයකට පසු රුසියානු බලධාරීන් ද තහවුරු කළේ, එරට හදිසි දැනුම්දීම් යෙදවුමට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, යුක්රේන ඔත්තු බැලීමේ කණ්ඩායමක් විසින් රුසියාව තුළ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ අනතුරු ඇඟවීම් යොමු කර ඇති බවත්ය.
කෙසේ වෙතත්, රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසන්නේ ජංගම යෙදවුමට එල්ල වූ මෙම ප්‍රහාරය එරට පුළුල් මහජන අනතුරු ඇඟවීමේ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවයි. සයිරන්, ශබ්ද විකාශන යන්ත්‍ර, කෙටි පණිවුඩ මෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රධාන මහජන අනතුරු ඇඟවීමේ පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, යෙදවුමේ සාමාන්‍ය තත්ත්වය යළි ස්ථාපිත කිරීමට විශේෂඥයන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

