අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් හිදී ‘Learjet’ වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ මෙම යානය ඊයේ (01) පස්වරුවේ අනතුරට ලක්වීමෙන් පසු ගිනිගෙන පුපුරා ගොස් ඇති අතර, යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටියේද යන්න මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවද මෙතෙක් තහවුරු කර නොමැත.
ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ප්‍රකාශ කර ඇත්තේ, මෙම අනතුරින් යානයේ සිටි කිසිවෙකු නොනැමුණු අතර භූමියේ සිටි කිසිදු පාර්ශ්වයකට ජීවිත හානි සිදුවී නොමැති බවයි. කෙසේ වෙතත්, අනතුර සිදුවූ ස්ථානය අවට විශාල ප්‍රදේශයක යානයේ සුන්බුන් විසිරී යාම හේතුවෙන් ප්‍රදේශයේ වැසියන් 600 දෙනෙකුට පමණ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමට සිදුව ඇති බව ප්‍රාන්ත නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
මූලාශ්‍රය – CNN

