යුක්රේනයේ ඩිනිප්‍රෝ (Dnipro) නගරයේ දුම්රිය වේදිකාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (29) සිදුවූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපා නායකයින් දැඩි විරෝධය පළ කර ඇති බව ‘ද ගාඩියන්’ (The Guardian) ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා මෙම ප්‍රහාරය කුරිරු සහ විනාශකාරී ක්‍රියාවක් ලෙස හෙළා දකිමින්, රුසියාවට එරෙහි පීඩනය තවදුරටත් ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.
මේ අතර, රුසියාව ඉදිරියේදී තවත් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. මෙම ප්රහාරයන් හේතුවෙන් ඩිනිප්‍රෝ නගරයේ සිසුන්ගේ නේවාසිකාගාරයක් ගිනිගෙන විනාශ වී ඇති අතර, නිවාස 350,000කට ආසන්න ප්‍රමාණයක විදුලි සැපයුම ද සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව වාර්තා වේ.

