නයිනතිව් නාගදීප විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදා දායකත්වයෙන් සාර්ථකව අවසන්

0
20

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් පසුගිය ඔක්තෝබර් 27 සහ 28 යන දෙදින තුළ ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උතුරු ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම පිංකම සංවිධානය කර තිබිණි.

පසුගිය 27 වැනි දින නයිනතිව් නාවික අනුඛණ්ඩයෙන් ආරම්භ වූ කඨින චීවර පෙරහර විචිත්‍රවත් අයුරින් නයිනතිව් දූපත වටා වැඩම කරවීමෙන් අනතුරුව, අනුඛණ්ඩයේ තැන්පත් කර එදින සන්ධ්‍යාවේ විහාරස්ථානයේදී විශේෂ බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරිණි. අනතුරුව, ඊයේ (28) උදෑසන කඨින චීවරය විහාරස්ථානය වෙත වැඩම කරවා කඨින චීවර පූජාව සිදුකළ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානමය පින්කම සහ පිරිකර පූජාව ද පැවැත්විණි.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් මෙන්ම විශාල පිරිසක් බෞද්ධ බැතිමතුන් ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here