ගුවනේදී මතුවූ ත්‍රස්ත අනතුරක් වළක්වාගත් කැප්ටන් ස්මිත් මච්චාර් ඇතුළු ‘Flydubai’ කණ්ඩායමට සම්මානයක්

0
13

පසුගිය සැප්තැම්බර් මාසයේදී ගුවන් ගමනක් අතරතුර මතුවූ දැඩි ත්‍රස්ත අනතුරක් හමුවේ අතිශය ධෛර්යයෙන් හා විශිෂ්ට වෘත්තීයභාවයෙන් යුතුව ක්‍රියා කරමින් මහා ව්‍යසනයක් වළක්වා ගැනීමට සමත් වූ ඉන්දීය ගුවන් නියමුවා වන කැප්ටන් ස්මිත් මච්චාර් ඇතුළු ‘Flydubai’ ගුවන් සේවක මඩුල්ල වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානයක් පිරිනමා තිබේ.

ගුවන් මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් දැක්වූ අනුපමේය කැපවීම ඇගයීම පිණිස, යූඒඊ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් මෙම කණ්ඩායම වෙත ‘පළමු පන්තියේ සයීඩ් II සම්මානය’ ප්‍රදානය කර ඇත.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ගුවන් සේවක මඩුල්ල ඉටුකළ තීරණාත්මක කාර්යභාරය අගයමින් සංවිධානය කෙරුණු විශේෂ උත්සවයකදී, ඩුබායි හි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම් විසින් අදාළ සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ෂෙයික් හම්දාන් කුමරු සඳහන් කර ඇත්තේ, මහජන ආරක්ෂාව වෙනුවෙන් නිර්භීතව සහ වගකීමෙන් යුතුව කටයුතු කරන පුද්ගලයන් ඇගයීමට ලක් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ ස්ථාවර පිළිවෙතක් බවයි.

සම්මාන ලැබීමෙන් පසු අදහස් දැක්වූ ගුවන් සේවක මඩුල්ල, යූඒඊ ජනාධිපතිවරයා ඇතුළු ඉහළ නායකත්වයට සිය ගෞරවනීය ස්තූතිය පුද කළ අතර, මෙම සම්මානය තමන්ට අතිශය අභිමානවත් මොහොතක් බව ප්‍රකාශ කළහ. එමෙන්ම, ගුවන් සේවා ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ගේ කැපවීම ඇගයීමට නායකත්වය දක්වන විශේෂ උනන්දුව මෙම සම්මානය හරහා මනාව තහවුරු වන බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here