සංවිධානාත්මක අපරාධ මැඩලීම, මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, වැනි ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමට එකඟතාවක්

0
12

සංවිධානාත්මක අපරාධ මැඩලීම, මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාර්ටින් (Isabelle Marie Catherine Martin) මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ (27) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙන්ම, දෙරටටම පොදුවේ බලපාන ආරක්ෂක අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. විශේෂයෙන්ම මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා සහ කැනඩා රජයන් ඒකාබද්ධව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයේම දැඩි අවධානයට ලක් විය.

මෙම සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුළු කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here