බදු නොගෙවා ගෙන්වූ සුඛෝපභෝගී රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු වරද පිළිගනී

0
14

බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීමේ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී සොයාගත් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන්, ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම නඩුවට අදාළ අධිකරණයේ අවසන් තීරණය සහ නියෝගය එළඹෙන නොවැම්බර් මස 11 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here