කොළඹ, කොටුව ප්රදේශයේ ට්රාන්ස්වර්ක් චතුරශ්රයට අයත් ඉඩමක් බහුකාර්ය ව්යාපෘතියක් සඳහා ‘ක්රිෂ්’ (KRISH) සමාගම වෙත පැවරීමේ කටයුතුවලදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනි දින ප්රකාශයට පත් කරන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

