ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මුල් ප්‍රතිඵලවලින් නෙතන්යාහුගේ පක්ෂයට පෙරමුණට

0
14

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මේ වන විට නිකුත් වී ඇති මුල් ප්‍රතිඵලවලට අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් ‘ලිකුඩ්’ පක්ෂය ඉදිරියෙන් සිටින බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

එරට මධ්‍යම මැතිවරණ කමිටුවේ දත්තවලට අනුව, මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන 3,024ක ඡන්ද පත්‍රිකා 1,216,002ක් ගණන් කර අවසන් කර ඇති අතර, ඉන් වලංගු ඡන්ද සංඛ්‍යාව 1,210,461ක් වන අතර අවලංගු ඡන්ද 5,541ක් ලෙස වාර්තා වී තිබේ.

අලුත්ම දත්තවලට අනුව, ලිකුඩ් පක්ෂය සියයට 23.36ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් ‘යාෂාර්’ පක්ෂය සියයට 15.74ක් සහ නෆ්තාලි බෙනට්ගේ ‘ටුගෙදර්’ පක්ෂය සියයට 8.53ක ප්‍රතිශතයක් හිමිකරගෙන ඇත. කෙසේ වෙතත්, ඡන්ද ගණන් කිරීම තවමත් අවසන් වී නොමැති බැවින් ඉදිරියේදී නිකුත්වන අවසන් ප්‍රතිඵල මීට වඩා වෙනස් වීමට ඉඩ ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මුළු ආසන 120කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 61ක බහුතරයක් අවශ්‍ය වේ. ඒ හේතුවෙන්, පක්ෂවල අවසන් ඡන්ද ප්‍රතිශත මෙන්ම මැතිවරණයෙන් පසු නිර්මාණය වන දේශපාලන සන්ධාන නව රජයක් බිහි කිරීමේදී තීරණාත්මක සාධකයක් වනු ඇත.

අවසන් නිල ප්‍රතිඵල තහවුරු වන තෙක් ඊශ්‍රායලයේ ඉදිරි දේශපාලන අනාගතය පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැකි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here