දිනකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

0
6

පවතින ගැස් අර්බුදයට ඉක්මන් විසඳුම් ලබා දීමේ අරමුණින්, මේ වන විට දිනකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකට නිකුත් කරනු ලබන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ප්‍රමාණය 74,000 ක් වුවද, පවතින තත්ත්වය මත එම ප්‍රමාණය ඉක්මවා යමින් 25% ක අමතර තොගයක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් නිර්මාණය වීමත් සමඟ පාරිභෝගිකයන්ට ඇති වූ පීඩනය අවම කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සැපයුම මෙලෙස ඉහළ නැංවීමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, නව ගෑස් නෞකාවක් මේ වන විට දිවයිනට ළඟා වී ඇති අතර, එහි තොග ගොඩබෑමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ. ඊට අමතරව, ඉදිරි ඔක්තෝබර් 31 වැනි දින වන විට තවත් මෙට්‍රික් ටොන් 3,900 ක ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here