ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එවන ලද සුබපැතුම් පණිවුඩයට බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා සිය කෘතඥතාව සහ ප්රතිචාරය පළ කර තිබේ.
සිය නිල X ගිණුම ඔස්සේ සටහනක් තබමින් බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී අනුර කුමාර දිසානායක මහතා මුණගැසීමට ලැබීම විශාල සතුටකට කරුණක් වූ බවයි. තවද, වැරදි තොරතුරු සහ අන්තවාදය පරාජය කරමින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගත හැකි බව බ්රසීල ජනතාව තම ජයග්රහණයෙන් තහවුරු කළ බවත්, එය විශිෂ්ට ජයග්රහණයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මීට අමතරව, ඉදිරියේදී ශ්රී ලංකාව සහ බ්රසීලය අතර තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමටත් තමා දැඩි අපේක්ෂාවෙන් සිටින බව බ්රසීල ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත.
සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර සිය X ගිණුම හරහා සුබපැතුම් එක් කර තිබුණි.

