ගංවතුරින් අඩාල වූ සබරගමුව සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක්

0
10

පවතින ගංවතුර සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අස්වැසුම/අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ වෙත සහභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ පාසල් දරුවන්ට ඒ සඳහා වෙනත් විශේෂ දිනයක් ලබා දීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා එම පළාතේ සිසු දරුවන්ට නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට දැඩි දුෂ්කරතා මතුව ඇති බවට වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, මේ නිසා දරුවන් හෝ දෙමාපියන් කිසිදු අයුරකට හෝ කලබලයකට පත් විය යුතු නැති බවයි. කාලගුණ තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු පසු, අදාළ විභාග මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මඟහැරුණු දරුවන්ට නව දිනයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here