කළු ගඟ ද්‍රෝණියට සුළු ගංවතුර අවදානමක්. පහත්බිම් වාසීන්ට සහ රියදුරන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්

0
12

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවල ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර අවදානම දැඩි ලෙස බලපෑ හැකිය.

මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ග හරහා ගමන් කරන රියදුරන්ද ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් හා විමසිලිමත්ව පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here