දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයන් අද (26) පෙරවරු 9.00 සිට හෙට (27) පෙරවරු 9.00 දක්වා වලංගු වන පරිදි යාවත්කාලීන කර තිබේ. ඒ අනුව දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා මට්ටම් දෙකක් යටතේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර් නිවේදනය)
කළුතර දිස්ත්රික්කය: වලල්ලාවිට සහ බුලත්සිංහල
- කෑගල්ල දිස්ත්රික්කය: දෙහිඕවිට සහ ගලිගමුව
- නුවරඑළිය දිස්ත්රික්කය: අඹගමුව කෝරළය සහ නොර්වුඩ්
- රත්නපුර දිස්ත්රික්කය: රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල
- මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ නිවේදනය)
ගාල්ල දිස්ත්රික්කය: තවලම - ගම්පහ දිස්ත්රික්කය: අත්තනගල්ල
- කළුතර දිස්ත්රික්කය: මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ
- මහනුවර දිස්ත්රික්කය: උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර
- කෑගල්ල දිස්ත්රික්කය: කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට
- කුරුණෑගල දිස්ත්රික්කය: නාරම්මල සහ කුරුණෑගල
- රත්නපුර දිස්ත්රික්කය: කිරිඇල්ල සහ ඕපනායක
අදාළ ප්රදේශවල පදිංචි ජනතාව වැසි තත්ත්වය සමඟ පස කඩා වැටීම්, ගල් පෙරළීම් සහ අසාමාන්ය ශබ්ද වැනි නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, අවශ්ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටී.

