බේරුවල අබ්රාර් අධ්‍යාපන පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඔක්තෝබර් 25දා

0
7

බේරුවල අබ්රාර් අධ්‍යාපන පදනම විසින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා පස්වරු 4.00ට බේරුවල, මරදාන මනාරා බීච් උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

අබ්රාර් අධ්‍යාපන පදනමේ සභාපති ආචාර්ය අෂ්-ෂෙයික් අස්වර් අසාහිම් මහතා සහ පදනමේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා බයිතුල්මාල් අරමුදලේ සභාපති, ජනාධිපති නීතිඥ අල්හාජ් ඒ.ඒ.එම් ඉල්ලියාස් මහතා සහභාගි වීමට නියමිතය.

මෙවර බේරුවල ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් 68 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.

ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය ලබාදීමත්, ඔවුන්ගේ අධ්‍යාපනික අභිවෘද්ධියට දායක වීමත් අරමුණු කරගනිමින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here