ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි

0
14

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් පිරී ඉතිරී ගොස් වාන් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ වන විට ප්‍රධාන ජලාශ 5ක වාන් දොරටු විවෘත කර ඇති බවයි.

ඒ අනුව, දැදුරුඔය ජලාශයේ අඩි 5 බැගින් වූ වාන් දොරටු 2ක්, අඩි 4 බැගින් වූ වාන් දොරටු 4ක් සහ අඩි 3 බැගින් වූ වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර, ඉන් දැදුරු ඔයට මුදාහැරෙන ජල ධාරිතාව කියුබ් මීටර් 22,400කි. මීට අමතරව, රාජාංගනය ජලාශයේ අඩි 5 බැගින් වාන් දොරටු 4ක්, අඩි 4 බැගින් වාන් දොරටු 4ක්, අඩි 3 බැගින් වාන් දොරටු 4ක් සහ අඩි 2 බැගින් වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර, එමඟින් කලා ඔයට මුදාහැරෙන ජල ධාරිතාව කියුබ් මීටර් 14,288කි.

ප්‍රධාන ජලාශවලට අමතරව කිඹුල්වානා ඔය වැව, අඹකොළවැව සහ අලිකොට ආර යන ජලාශවල වාන් දොරටු ද මේ වන විට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එසේම, මධ්‍ය පරිමාණ ජලාශ දෙකක වාන් දොරටු ද විවෘත කර ඇති අතර, තවත් මධ්‍ය පරිමාණ ජලාශ 09ක් වාන් මට්ටමට පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here