චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්රාහී 90 වැනි සංවත්සර සැමරුම් සම්මේලනය බෙයිජිං නගරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් අද (22) පැවැත්විණි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති සහ මධ්යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා මෙම සම්මේලනයට ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විශේෂ දේශනයක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, ඉතිහාසය නිසි ලෙස සමාලෝචනය කිරීම හරහා වඩාත් සාර්ථක අනාගතයක් නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන්නේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාව කේන්ද්ර කරගනිමින්, සමස්ත පක්ෂය, හමුදාව මෙන්ම විවිධ ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් ජනතාව එකමුතුව දිගු පා ගමනේ සැබෑ ජීවගුණය ඉදිරියට ගෙන යා යුතු බවද ෂී ජින්පිං මහතා දැඩිව අවධාරණය කළේය. විප්ලවීය පුරෝගාමීන් විසින් ආරම්භ කරන ලද දැවැන්ත කාර්යභාරය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යමින්, නව දිගු පා ගමනේදී නව ජයග්රහණ රැසක් අත්කර ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අභිමානවත් සම්මේලනය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයන් වන ලී චියැං, ෂාවෝ ලෙජි, වෑන් හුනිං, චයි චි, ඩින් ෂුසියැං සහ ලී ෂී යන මහත්වරුන් මෙන්ම උප ජනාධිපති හැන් ෂෙන්ග් මහතාද සහභාගී වී සිටියහ.

