අන්තර්ජාල ව්‍යාපාරයකින් මුදල් උපයා දෙන බව පවසා රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කළ 26 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

0
19

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර පවත්වාගෙන යමින් විශාල මුදලක් උපයාගත හැකි බව පවසමින් මුදල් වංචා කළ 26 හැවිරිදි සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ටෙලිග්‍රෑම් (Telegram) සමාජ මාධ්‍ය ජාලය හරහා සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් මෙම අන්තර්ජාල ව්‍යාපාරය මඟින් රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ හත්දහස් දෙසිය විස්සක (13,507,022) දැවැන්ත මුදලක් ඉපැයිය හැකි බවට පවසා, ඒ සඳහා මුලින් රුපියල් 151,000ක මුදලක් තමන්ගේ බැංකු ගිණුමට බැර කරවාගෙන වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව, අදාළ මූල්‍ය වංචාවට සෘජුව සම්බන්ධ වීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here