අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමලාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද රාජ්‍ය අනුග්‍රහයෙන්

0
21

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ ගැටඹේ රාජෝපවන රාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමලාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (21) දින සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වේ.

ඒ අනුව, උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු අවසන් කටයුතු ගැටඹේ නගර සභා ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. අපවත් වන විට 96 වැනි වියේ පසු වූ උන්වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය හොබවමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්ම මෙන්ම සුවිශේෂී ආගමික හා සමාජීය මෙහෙවරක නිරත වූ පූජනීය යතිවරයාණන් වහන්සේනමකි.

විශේෂයෙන්ම ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේ ඉටු කළ සේවය අමතක කළ නොහැකිය. උන්වහන්සේගේ අපවත්වීම මෙරට ශාසනික ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත බෞද්ධ ජනතාවට ද පිරිමසාගත නොහැකි බලවත් පාඩුවකි. අද දින පැවැත්වෙන මෙම ආදාහන පූජෝත්සවය සඳහා මහා සංඝරත්නය, රාජ්‍ය නියෝජිතයන් සහ මහජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here