බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දිය ආසන්නයේ හටගත් ජල කාන්දුවක් අලුත්වැඩියා කිරීමේ කටයුතු නිසා ඒ අවට ප්රදේශවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව පොලිසිය පවසයි.
විශේෂයෙන්ම ඩී.එස්. වටරවුම සහ කනත්ත වටරවුම ආශ්රිත ප්රදේශවල මෙම තදබදය දැඩි ලෙස බලපා ඇත. මීට අමතරව, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ ඩී.එස්. සේනානායක මාවත හරහා කොළඹ දෙසට පිවිසෙන මාර්ගවලත්, කාසල් වීදිය සහ මොඩල් ෆාම් පාර ආශ්රිතවත් දැඩි වාහන තදබදයක් වාර්තා වී තිබේ.
එබැවින්, එම මාර්ග හරහා ගමන් කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පවතින රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් තම ගමන් බිමන් කල්තියා සූදානම් කරගන්නා ලෙසත් පොලිසිය දැඩිව ඉල්ලා සිටී.

