‘කාවන්තිස්ස’ හස්තියාගේ අකල් මරණයට සාධාරණත්වය ඉල්ලා සහ ඊට විරෝධය පළ කරමින් පරිසර සංවිධාන, සිවිල් සංවිධාන සහ සමාජ ක්රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් අද (20) දහවල් බත්තරමුල්ල සොබාදම් පියස, පරිසර අමාත්යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
මෙම විරෝධතාව සඳහා පන්සියයකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර, වනජීවී හා පරිසර අංශවල සිදුව ඇති අසාර්ථකත්වයන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළ විරෝධතාකරුවන් කියා සිටියේ පරිසර අමාත්යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
මීට අමතරව, අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ කාවන්තිස්ස හස්තියාට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් එහිදී විශේෂ පාංශුකූලයක් සහ මතක වස්ත්ර පූජාවක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

