හදිසි විදුලි බිඳවැටීම අද සවස 6.30 වන විට යථා තත්ත්වයට.

0
5

 

දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම අද (සවස 6.30 වන විට) සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

එම සමාගම නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වන විටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර, අද පස්වරුව වන විට මුළු පද්ධතියේම කටයුතු සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇත.

මේ අතර, ඇතැම් විදුලි බලාගාර බිඳවැටීමට ලක්ව ඇති බවට පැතිර යන ආරංචිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද එම සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි. පවතින තත්ත්වය හමුවේ සම්මත ක්‍රමවේදයට අනුව ක්‍රියා විරහිත කර ඇත්තේ ගල් අඟුරු බලාගාරය පමණක් බවද ඔවුන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here