ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සැලසුම් කළ TVK) පක්ෂ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට.

0
12

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සැලසුම් කළ තමිළග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂ ක්‍රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී මෙටම්පෙටමින් (Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට පත්ව ඇති ප්‍රධාන සැකකරු වන්නේ TVK පක්ෂයේ නාගපතිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකු වන 42 හැවිරිදි එන්. භූපාලන්ය. ඔහු සමඟ තවත් සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

නාගපතිනම් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු රහසිගත තොරතුරක් මත ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. භූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලංකිකයෙකු වීම මෙම ජාවාරම සඳහා පහසුකම් සපයන්නටන්නට ඇති බවට බුද්ධි අංශ සැක පළ කරයි. චෙන්නායි සිට රැගෙන එන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල බෙදා හැරීම සඳහා සූදානම් කර තිබී ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය නාගපතිනම් රේගු කාර්යාලය වෙත රැගෙන ගොස් තිබේ.

මේ අතර, පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් සැකකාර භූපාලන් පක්ෂයේ මූලික සාමාජිකත්වයෙන් සහ සියලු තනතුරුවලින් වහාම ඉවත් කළ බව TVK නාගපතිනම් දිස්ත්‍රික් ලේකම් එම්. සුගුමරන් නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here