ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා ගෝලීය අලෙවිකරණ වැඩසටහනක්

0
4

ලෝක බැංකු ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. ජාත්‍යන්තර සංචාරක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය සහ ආකර්ෂණය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම වැඩසටහන මෙරට සංචාරක කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැළකේ.

මෙහිදී සංචාරක ඉල්ලුම්-සැපයුම් ප්‍රවණතා, සංචාරක හැසිරීම් රටා සහ ජාත්‍යන්තර අලෙවිකරණ උපායමාර්ග පුළුල් ලෙස විශ්ලේෂණය කරමින් දිගුකාලීන ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. තවද, වැඩසටහනේ තිරසාරභාවය සහ විනිවිදභාවය තහවුරු කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ආයතනික ධාරිතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික විශේෂඥතාව සහ උපායමාර්ගික මඟපෙන්වීම ලබා දෙන MTI Consulting සහ Skift Inc./JD ආයතනවල දායකත්වය මෙහිදී විශේෂ ඇගැයුමකට ලක් විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. සෝමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ යටතේ ඇති සංචාරක ආයතනවල සභාපතිවරුන්, SLAITO සහ TAASL නියෝජිතයන්, සංචාරක උපදේශක කමිටුව, ලෝක බැංකුව සහ අදාළ ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here