ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (16) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබ තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමට නියමිත අතර, ඒ සඳහා පෙනී සිටීම පිණිස මන්ත්රීවරයාව මෙලෙස අධිකරණයට කැඳවා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

