ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

0
20

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (12) පෙරවරු 11.00 ට නිකුත් කරන ලද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් හෙට (13) අලුයම 1.00 දක්වා වලංගු වන බව නිවේදනය කර ඇත.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැන්වීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here