මාලදිවයිනෙන් රැකියා වීසා නීති දැඩි කෙරේ

0
20

මාලදිවයින වෙත රැකියා සඳහා පැමිණෙන විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් එරට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වීසා නීති පද්ධතිය යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ව්‍යාපාරික වීසාපතක් (Business Visa) හෝ විශේෂ වීසාපතක් භාවිත කරමින් කෙටි කාලීනව මාලදිවයිනට ඇතුළු වන පුද්ගලයින්ට, එම වීසාපත රැකියා වීසාපතක් (Work Visa) ලෙස පරිවර්තනය කර එරට රැකියා කිරීමට මීට පෙර ලබාදී තිබූ අවස්ථාව මෙවර සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.

මෙම නව නීතිය මෙම වසරේ සැප්තැම්බර් මස 15 දින සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here