කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංගයට විපක්ෂයෙන් අත්සන් තබයි

0
15

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට විපක්ෂය අද (08) අත්සන් තබා තිබේ.

මෙම අත්සන් තැබීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය.

මෙම යෝජනාවට අත්සන් තැබීම සඳහා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම සහභාගී වූහ.

මෙම පියවර මඟින් විපක්ෂය උත්සාහ කර ඇත්තේ පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් හරහා කථානායකවරයාගේ ධුරයට අභියෝග කිරීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here