හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර, බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි ඉඩම දින 14ක කාලයක් සඳහා තහනම් කරමින් (ක්‍රියා විරහිත කරමින්) මාතර මහේස්ත්‍‍රාත් අධිකරණය අද (06) පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ වත්කම උපයාගත් ආකාරය නිසි පරිදි හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිමය පියවර ගනිමින්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. අධිකරණය මඟින් ලබාදුන් මෙම දින 14ක කාලසීමාව ඇතුළත අදාළ ඉඩමේ අයිතිය හෝ හිමිකම් සම්බන්ධයෙන් යම් පාර්ශ්වයකට කරුණු ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒ සඳහා අවස්ථාව හිමිවේ.

0
1

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර, බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි ඉඩම දින 14ක කාලයක් සඳහා තහනම් කරමින් (ක්‍රියා විරහිත කරමින්) මාතර මහේස්ත්‍‍රාත් අධිකරණය අද (06) පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ වත්කම උපයාගත් ආකාරය නිසි පරිදි හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිමය පියවර ගනිමින්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

අධිකරණය මඟින් ලබාදුන් මෙම දින 14ක කාලසීමාව ඇතුළත අදාළ ඉඩමේ අයිතිය හෝ හිමිකම් සම්බන්ධයෙන් යම් පාර්ශ්වයකට කරුණු ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒ සඳහා අවස්ථාව හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here