යාපනය, නල්ලූර් ප්රදේශයේ සිදුවූ තියුණු ආයුධ ප්රහාරයකින් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇත.
නල්ලූර්හිම පදිංචිව සිටි මියගිය කාන්තාවට සහ ඇයගේ මවට මෙම ප්රහාරය එල්ල කර ඇත්තේ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇයගේ අනියම් පුරුෂයා විසින් බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
පහරදීමෙන් පසු පලාගොස් ඇති 38 හැවිරිදි අදාළ සැකකරු, එදින රාත්රියේ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

