අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
ඊට අමතරව උන්වහන්සේට විදේශ ගතවීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.
මෙම තහනම පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත්, නිකුත් කළ විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් වහා ක්‍රියාත්මක කරන ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

