චීනයේ AI තාක්ෂණය හමුවේ පාරිභෝගික වෙළඳපොළ වසර 10 ක පහළම මට්ටමට

0
10

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය කෙරෙහි චීන රජය වැඩි අවධානයක් යොමු කිරීමත් සමඟ, එරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ කොටස් වෙළඳපොළ අගයන් වසර දහයකින් වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගතවූ මාස 6 තුළ ‘MSCI China’ පාරිභෝගික භාණ්ඩ උප දර්ශකය සියයට 18කින් පහත වැටී ඇති අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදන සමාගම්වල ලාභ අපේක්ෂාද 50%කින් පමණ අවම වී තිබේ.

කෙසේ වෙතත්, පාරිභෝගික ක්ෂේත්‍රයේ මෙම පසුබෑමට හාත්පසින්ම වෙනස් ලෙස, AI තාක්ෂණික දර්ශකය 2016 වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වර්ධනයක් අත්කරගෙන ඇත.

කොවිඩ් වසංගතයට පෙර ලොව විශාලතම ආර්ථික සාර්ථකත්වයක් ලෙස ඇගයීමට ලක්වූ චීන මධ්‍යම පන්තියේ නැගී සිටීමට මෙම තත්ත්වය සෘජු බලපෑමක් එල්ල කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here