විදේශ සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට

0
19

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවැති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) 8.75% මට්ටමේ වෙනසක් නොමැතිව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන්, මැදපෙරදිග භූ-දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ කාලගුණික බලපෑම් සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත. 2026 වසරේ පළමු අර්ධයේදී මෙරට ආර්ථිකය 4.7%ක ස්ථාවර වර්ධනයක් වාර්තා කර ඇති අතර, අගෝස්තු මාසය වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම, බලශක්ති මිල ඉහළ යාම හමුවේ අගෝස්තු මාසයේදී 8% දක්වා ඉහළ ගිය ප්‍රධාන උද්ධමනය, 2027 මුල් භාගයෙන් පසු 5%ක අපේක්ෂිත ඉලක්කය දක්වා ක්‍රමයෙන් පහත වැටෙනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here