කලවා පසුපස පේශි (Hamstring) ආශ්‍රිතව හටගත් ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉදිරි පාකිස්ථාන විස්සයි-20 තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.
මෑතකදී නිමාවට පත් වූ එංගලන්තයට එරෙහි එක්දින තරගාවලිය අතරතුරදීද ආබාධ තත්ත්වයෙන් පසුවූ ඔහු, එහි තෙවන තරගයේදී යම් අපහසුතාවයකින් ක්‍රීඩා කරනු දක්නට ලැබිණි.
ලබන ඔක්තෝබර් 04 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත අතර, ඉන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර ත්‍රිකෝණාකාර එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර නිස්සංක සුවය ලබනු ඇතැයි කණ්ඩායම් කළමනාකාරීත්වය විශ්වාසය පළ කරයි.

