හිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දුවක්

0
13

ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටියදී නෙදර්ලන්ත රජයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කර තිබූ සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව, රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් ලක්ෂ 66ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, අවභාවිත කරන ලද වාහනයේ ඡායාරූපයක් ද සහිතව භාෂා තුනෙන්ම පුවත්පත්වල සමාව අයැදීමේ දැන්වීම් පළ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අමාත්‍යවරයාට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here