යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව නොවැම්බර් 03ට කැඳවයි

0
10

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව පවරා ඇති නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අද (28) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here